Email

යාපනය සරසවියේ සිසු වර්ජනය අවසන්

යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසර හා දෙවන වසර සිසුන් විසින් ඊයේ (16) සිට දින නියමයක් නොමැතිව දියත් කල පන්ති වර්ජනය අතහැර අද (17) සිට දේශනවලට සහභාගි වීමට තීරණය කොට තිබෙනවා.

එම සිසුන් මෙම තීරණය ගෙන ඇත්තේ විශ්ව විද්‍යාල පාලන අධිකාරිය
විසින් පන්ති තහනම් කොට ඇති සියළුම සිසුන්ගේ පන්ති තහනම ඉවත් කිරීමට ගන්නා ලද තීරණයට අනුවයි.

පාලන අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ පන්ති තහනම් කොට ඇති කලා පීඨයේ තුන්වන හා හතරවන වසරවල සියළුම සිසුන් 18 දා සිට නියමිත පරිදි දේශනවලට සහභාගි වන ලෙසයි.

ඔවුන්ගේ පන්ති තහනම ඉවත් කල බව ලිඛිතව දැණුම් දී ඇති බැවින් යාපනය විශ්ව විද්‍යාලය තුල දියත් කොට තිබූ පන්ති වර්ජනය අතහැර දමන බව දෙවන වසරේ ශිෂ්‍ය නායක පී.අරුලානන්දන් පවසා සිටියේ.



gossip lanka