ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඔක්තෝබර් 28 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් විස්සයි විස්ස තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය වෙත පිටත් කර හරිනවාද නැද්ද යන්න අද සවස තීරණය කරන බව ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සදහන් කර සිටියි. ඒ පිළිබදව වූ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ක්‍රියාත්මක වන තරග මාලාවේ
තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, එම තරගය සදහා පාකිස්තානය වෙත යෑමට තමන් සූදානම් නොමැති බවත්, හැකි නම් තරගය වෙනත් ස්ථානයක පවත්වන ලෙසත් ඉල්ලමින් ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගියදා කටයුතු කළහ.
එම ලිපිය සම්බන්ධව ක්‍රිකට් ආයතනය ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි කළ විමසීමකදී ඉහත අදහස් ප්‍රකාශ කළ සුමතිපාල මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ තමන් ක්‍රීඩකයන්ගේ තීරණය ගැන වරදක් නොකියන බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් තුළ සැකයක් ඇතිවීම සාධාරණ බවත්ය. නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු එම තරගය සදහා පාකිස්ථානය වෙත යෑමට කැමැත්ත පළ කර ඇති බවද සදහන් කළ සුමතිපාල මහතා කණ්ඩායමේ කළමනාකරු වන අසංග ගුරුසිංහ මහතා සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබදව වන ක්‍රිකට් ආයතනයේ තීරණය හෙට (17දා) ක්‍රීඩකයන් වෙත දැනුම් දෙන බවද සදහන් කර සිටියේය.
මෙවර සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතයේ සියලුම ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත ක්‍රීඩකයන් 40දෙනෙකු පමණ අත්සන් තබා ඇති අදාළ ලිපියට තිසර පෙරේරා පමණක් අත්සන් තබා නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා සංචාරයේ අවසන් විස්සයි විස්ස තරගය පාකිස්ථානයේ පවත්වන්නේ නම් ඒ සදහා අවශ්‍ය විනිසුරුවන්, තරග තීරකවරුන් ඇතුළු නිලධාරීන් ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් දැනුම් දී ඇති බව සදහන් කළ සුමතිපාල මහතා රටක ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් පවතින්නේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එවැනි තීරණයකට නොපැමිණෙන බවද සදහන් කර සිටියේය.