සුව සැරිය ලබන වසරේ සිට අලුත් වෙයි

ඉන්දීය රජය විසින් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් "1990" හදිසි ගිලන්රථ සේවය බස්නාහිර හා දකුණු පළාත්වල ක්‍රියාත්මක වුණා.

ලබන වසරේ සිට මෙම ගිලන්රථ සේවය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දෙන්නේ. ඒ සඳහාද ඉන්දියාවේ සහය ලැබෙනු ඇති.

දැනට ක්‍රියාත්මකව ඇත්තේ ගිලන්රථ 88 ක් පමණක් වන අතර තව
ගිලන්රථ 250 ක් ඒ යටතේ ලබා දෙනු ඇති.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ "ජර්මනියේ ස්ටයිගර් පදනම හදිසි අනතුරු සේවාව ද මම නිරීක්ෂණය කලා. ගොඩබිමින් සහ ගුවනින් හදිසි අනතුරු සේවය ක්‍රියාත්මක කරනවා. එම පදනම විසින් හෙලිකොප්ටර් 24 ක්, ගිලන්රථ 1025 ක් සහ ආපදා රථ 24 ක් ලබා දීමට පොරොන්දු වුණා. නමුත් අපි මූලිකව ලබා ගත්තේ ආපදා රථ සහ හෙලිකොප්ටර් පමණයි. ලංකාවේ දැනට තිබෙන වාහන තදබදය නිසා ඇතැම් අවස්ථාවල දී ගිලන්රථ වලටත් මාර්ගයේ යන්න බෑ. එම නිසා අපේ රටේ හදිසි අනතුරු සේවය ගුවනින් හා ගොඩබිමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. තවද දිවයින පුරා මහරෝහල්, ශික්ෂණ රෝහල් 24 ක හදිසි අනතුරු ඒකක ස්ථාපිත කරනවා." යනුවෙනි.



Previous Post Next Post