ගත වූ පැය 18ක කාලය තුල සිදු වූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (09) අළුයම කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ 72 වන කිලෝ මීටර කණුව අසළදී සිදු වූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ, ඔහු ගමන්ගත් යතුරුපැදිය වෑන් රථයක ගැටීමෙන්. පුත්තලම
පෑලියගොඩ මාර්ගයේ අම්බලවේලිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් විසිහතර හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුර සිදුව තිබුණේ ද ඔහු ගමන්ගත් යතුරුපැදිය මෝටර් රථයක ගැටීමෙන්.
තල්ගොඩපිටිය මාතලේ මාර්ගයේ කොස්කැලේ ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් ද 37 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මහනුවර රංගල ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් ඊයේ රාත්‍රියේ සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයින් 19 දෙනෙකු තවදුරටත් තෙල්දෙණිය හා මහනුවර යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා. අනතුරින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
වයස අවුරුදු 05ක දැරියකට මරු කැඳවූ බදුරලිය - මිදලන ප්‍රදේශයේ සිදු වූ අනතුරට සම්බන්ධ බීමත්ව සිටි බව කියන රියදුරා, පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 12ක්.
මේ අතර දිගින් දිගටම සිදුවන රිය අනතුරු සලකා මංතීරු නීතිය අද (09) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
එමෙන්ම බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද අද (09) සිට දැඩි කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.