'රන්ජන්ට දුන්න දඬුවම වැඩියි' - ඩලස් පුද්ගලික මතය රටට කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දඬුවම් දෙකක් ලබාදී තිබීම බරපතල වැඩි බව තම පුද්ගලිකව අදහස යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
 
වරදක් කළ රන්ජන් රාමනායක මහතාට අධිකරණයෙන් දඬුවමක් ලැබුණු අතර, 1,50,000කට ආසන්න ජනතා කැමැත්තෙන් තේරී පත්වූ ඔහුගේ මන්ත්‍රීධූරය ද අහෝසි කෙරුණු බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

එය පුරවැසියකුට දිය හැකි බරපතල දඬුවමක් බව කී ඇමතිවරයා රන්ජන් රාමනායක මහතාට එවැනි දඬුවම් දෙකක් හිමිවීම බරපතල වැඩි බව ද කීවේය.

රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුව ඔහු දෙස ද්වේශසහගතව නොබලන බව කී අලහප්පෙරුම මහතා ‘ඒ ගැන ධනාත්මකව කල්පනා කරමු’ යැයි ද කීය.

ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 
Previous Post Next Post