සජිත් පිල කුල්ල කුජීතු කරමින් එජාපය සජිත්ට ගෝටාභය පෙන්වා ගහයි

මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂ නායකත්වය උවමනා යැයි පැවසීම පිළිගත නොහැකි අදහසක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා මේ බව පැවසීය.


පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ කිසිදු පක්ෂයක සාමාජිකත්වය හෝ නොගෙන බවද ඔහු සඳහන් කළේය.

ඒ නිසා පක්ෂය ජයග්‍රහණය කරවීමට නායකත්වය අත්‍යවශ්‍ය යයි ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව බොහෝ රටවල උදාහරණයන් ගත හැකි බව ද ඔහු සඳහන් කරන ලදී.

සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ඉල්ලා විවිධ ප්‍රකාශයක් නිකුත් කරන්නේ ඔහුට විපක්ෂ නායක ධුරය සහ අගමැති අපේක්ෂක ධුරය ලබා දී තිබියදී බව ද මහාචාර්යවරයා පැවසීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා සුදුසු අවස්ථාවේදී සුදුසු නායකයාට ස්ථානය ලබා දෙනු ඇති බවත් දැනටමත් නායකත්වයෙන් සමු ගෙන යාමට ඔහු තීරණය කර ඇති බවත් මන්ත‍්‍රීවරයා එහිදී තව දුරටත් සදහන් කලේය.
Previous Post Next Post