වරද රජයේ මුදල් තැන්පතු ගිණුමෙන් ඉවත් කිරීම නොවේ.. තැන්පතු ගිණුම්වල දැමීමයි.. කොමිසමට ගිය රනිල් ජනපතිගේ හඬ පටයකුත් පෙන්වා මාධ්‍ය හමුවක (VIDEO)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ ඉන්දවනවා – කබීර්ගෙන් සහතිකයක්!

එළැඹෙන දෙසැම්බර් මාසය වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දමමින් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් මේ වනවිට ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

පුංචි ඡන්දය මාලිමාව දිනන්නේ නෑ... රනිල්ගෙන් අභියෝගයක්!

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාවට බොහෝ ආයතන වල බහුතරයක් ලැබෙන්නේ නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

විපක්ෂයේ කණ්ඩායම් එකතු කරගෙන පළාත් පාලන මැතිවරණයේදී බහුතරය ලබාගෙන බලය ගැනීමට උත්සාහ කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,

“මාලිමාවට බොහෝ තැන්වල බහුතරයක් ලැබෙන්නෙත් නෑ. අපි බලන්නේ ඒ බහුතරය එකතු කරගෙන බලය ගන්න. අප පමණක් නොව අනෙක් කණ්ඩායම්ද එකට එකතු විය යුතුයි. මම සජබෙ ගැන දන්නේ නෑ. හැබැයි කණ්ඩායම් ගණනාවක් එකතු වන විට ඔවුනුත් මේකට එකඟ වේවි.

එහෙම එකට එකතු වූ විට පළාත් පාලන ආයතනයේ සභාපති ලෙස පත් වන්නේ වැඩිම මන්ත්‍රීවරුන් සිටින කණ්ඩායමයි. අපට දැන් තිබෙන්නේ වැඩිම මන්ත්‍රී කණ්ඩායම ලබා ගන්නයි. අනෙක් අය සමග හැප්පෙන්නේ නැතිව එය කළ යුතුයි. ඔය කිව්වට මේ ගොල්ලන්ට දිනන්න බෑ.”

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වඳින අපේක්ෂක හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි!

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.

පිල්ලයාන් සමග සිදුකළ සාකච්ඡාව ගැන ගම්මන්පිල කතා කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසන්නේ මේ වන විට ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පිළිබඳ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල වැරදි කරුණු ප්‍රචාරය කෙරෙන බවත් එම කරුණු සහ තමා පිල්ලෙයාන් හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට අප්‍රේල් 16 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන බවත් ය.

මෝදි ඉන්දියාවෙන් ආරක්‍ෂකයන් අරන් ආවේ අපේ ආරක්ෂාව විශ්වාසයක් නැති නිසා… – දිලිත් ජයවීර

මේ රට මහා පෞරුෂත්වයක් තිබුණ, අභිමානවත් රටක් වුවද වත්මන් නායකත්වය හමුවේ ශ්‍රී ලංකාව අන්ත අසරණ භාවයකට පත් වී ඇතැයි සර්ව ජනබල පක්ෂයේ නායක, නීතිඥ දිලිත් ජයවීර පැවැසීය.

දැන් සමාජවාදයක් නෑ... අපි ධම්මික පෙරේරා, ඩඩ්ලි සිරිසේන එක්ක ඉදිරියට යනවා - ලාල්කාන්ත

1971 සහ 1988 ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරන ලද්දේ සමාජවාදය වෙනුවෙන් බවත් ඒ සඳහා ජීවිත හැත්තෑ දහසක් පමණ අහිමිවී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

විජිත් විජේමුනිගේ ලොරිය සම්බන්ධයෙන් රොෂාන් රණසිංහගේ බිරිඳ වලානට කැඳවයි!

හිටපු අමාත්‍යවරයෙකු වන රොෂාන් රණසිංහ ගේ බිරිඳ වන දිනූෂා රණසිංහ ගෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය පැය 3ක් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

රන්දෙනිගල දූපතට 2007ත් රිලවු අරන් ගියා… වතුර හිඳුනු ගමන් උන් ඔක්කෝම ගමට ගියා…! – පාඨලී

රන්දෙනිගල ජලාශය මැද පිහිටි දූපතට වඳුරන් රැගෙන යාමේ ව්‍යාපෘතිය 2007 පරිසර ඇමති ලෙස තමන් ද කළ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.