Email

2011දී ඒ පිරිමියට අවුරුදු 21යි...ගැහැනිය අවුරුදු 30ක එක්දරු මවක්...දිනේෂ් තරංග හදිසියේම හෙලි කල සංවේදී කතාව මෙන්න

ගායන ක්ෂේත්‍රයේ තුළ දක්ෂතම ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියලා කියන්නේ. ලංකාවේ බොහෝ රසික පිරිසක් සහ ඔවුන් අතර හොඳ නමක් හදා ගන්නට ද දිනේෂ්ට හැකිවෙලා තියනවා. ඔහු විවාහ වී සිටින්නේ රැන්ඩෙලා පෙරේරා නැමැති ආදරණීය මිතුරියක් සමගයි. ඉතින් අද දිනයේ ඔහු සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ මෙන්න මේ වගේ කතාවකි.

මරණය අත ළඟ... හුළඟෙත් ප්‍රියයන්ගෙන් වෙන්වීම ලියවුන මේ වගේ දවස් වල ඇයි මෙහෙම ලියන්න කියලා අහන අයටයි මුලින්ම පැහැදිලි කිරීම...

ආදරයට ගොඩක් ලෝභ මට  රිඇක්ශන් දාන දාහක් අතරේ  රිඇක්ශන් දාන අතලොස්ස ටයි මේ ආදරණීය ආමන්ත්‍රණය... ඒ වගේම මගේ ගිණුමෙන් පිට, මාත් මගේ පවුලේ අයත් සම්බන්ධයෙන් බුකි ගත වෙන පෝස්ට් වලට එකතු වෙන සමහර අදහස් සාමාන්‍යය මනසක් තියෙන කෙනෙකුට දරාගන්න අමාරු වර්ගයේ ඒවා. බොහොම කෙටියෙන් වචන කරන කිලෝ ගාණක් බර හැඟීම් වල එකතුවක් මෙන්න!

මේ පළවෙනි ඡායාරූපයේ ඉන්නේ මීට අවුරුදු 11කට කලින් 2011දී, කොළේක අත්සන් කරපු පිරිමියෙකුයි ගැහැනියකුයි.

2011දී ඒ පිරිමියට අවුරුදු 21යි.

ගැහැනිය අවුරුදු 30ක එක්දරු මවක්.

දෙවෙනි ඡායාරූපය 2021දී ගත්ත එකක්. ඒ කියන්නේ අද! ඒ දෙන්නා මහ ගොඩක් බාධක මැද්දේ... ඒත් කිටිකිටියේ අත් තදින් අල්ලන් තවමත් එකම පාරක ගමනේ.

 ඒ ගැහැණිය වැහැරුනෙත්, ඒ පිරිමියා දවසින් දවස බැබලුනෙත් "ආදරය" සහ "දරාගැනීම" නිසාමයි....

කවි ලිව්වට කමක් නැහැ... පද දැන ගලපලා!!!

සහතික දුන්නට කමක් නැහැ... සම්මතයේ ඔබ පිහිටලා!!!

#සිත්_රිදවූ_සැම_සුවපත්_වේවා
gossip lanka