මාධ්‍ය ප්‍රධානීන්ගේ දුරකතන අවහිර වෙයි - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

මාධ්‍ය ප්‍රධානීන්ගේ දුරකතන අවහිර වෙයි

මෙරට මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසකගේ ජංගම දුරකතනවලට අවහිරතා සිදුව ඇති බව වාර්තා වෙනවා.

ඊයේ උදෑසන සිට මෙලෙස අවහිරතා මතු වූ බවයි පැවසෙන්නේ.

පසුගිය දිනවල පුවත්පත් වාර්තා කර තිබුණේ, ආණ්ඩුව විසින් තෝරා ගත්
විශේෂ පුද්ගලයින්ගේ දුරකතන සංවාදවලට සවන් දීම හා නිරීක්ෂණය කිරීම ආරම්භ කර ඇති බව යි.

ඊට අදාළ විශේෂ ඒකකයක් නුගේගොඩ ප්‍රදේශයේ පිහිටුවා ඇති බව ද එම වාර්තාවල සඳහන් වූවා.

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වූයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ අදාළ දුරකතන සංවාද නිරීක්ෂණය සිදු වන බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හා මාධ්‍ය ප්‍රධානීන්ගේ දුරකතන සංවාදවලට ඇහුම්කන් දීමට හා නිරීක්ෂණයට මෙලෙස විශේෂ උපකරණ කට්ටල ජපානයෙන් ගෙන්වා ඇති බව ද පුවත්පත් අනාවරණය කර තිබුණා.

මේ අතර මෙම තත්ත්වය යටතේ විශේෂ පුද්ගලයින්ගේ ජංගම දුරකතන අවහිරතා සිදු වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බවට ද මාධ්‍ය වාර්තා පළ වනවා.