විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අද ඇරඹේ - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අද ඇරඹේ

බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අද(24) ආරම්භ වෙයි.

පසුගිය රජයේ ජනාධිපති කාර්යමණ්ඩල හිටපු ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට
එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද විභාගයට ගැනීමට නියමිතයි.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50ක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මහාධිකරණ විනිසුරුවන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙයි.