Email

උසස් පෙළ සිසුවිය පැහැරගෙන ගොස් දුෂණය කරයි : යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රි අත්අඩංගුවට

උසස් පෙළ විභාගය අවසන් කර යලි නිවස බලා යමින් සිටි 19 හැවිරිදි පාසැල් සිසුවියක් බලෙන් පැහැර ගෙන ගොස් දුෂණය කිරීම සම්බන්ධයෙන් යොවුන් පාර්ලිමේන්තුවේ කිලිනොච්චි දිස්ත්‍රික්
මන්ත්‍රිවරයෙකු පුදුකුඩුඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 19 වනදා උසස් පෙළ විභාගය අවසන් කර නිවස බලා යමින් සිටි පාසැල් සිසුවිය මෙම සැකකරු ඇතුළු පිරිසක් කැබ් රථයකින් සහ යතුරුපැදි දෙකකින් පැමිණ පැහැර ගෙන පලෙයි ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා.

පලෙයි ප්‍රදේශයේ නිවසක බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි එම පාසල් සිසුවියව සැකකාර යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් දුෂණය කර පසුදින (20) මුදාහැර ඇති බවයි මුලික පොලිස් විමර්ෂණයන් වලදී හෙළිවී ඇත්තේ.

දුෂණයට ලක්වූ පාසැල් සිසුවිය මේ සම්බන්ධයෙන් පුදුකුඩුඉරිප්පු පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වන කන්දයියා විජයරූබන් හා ඔහුගේ මවද ඇතුළු තවත් එක් සැකකරුවෙක් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසැල් සිසුවිය පැහැරගෙන යාමට යොදා ගත් බව කියන කැබ් රථය සහ යතුරුපැදි දෙකද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි එහි උසස් නිලධාරියෙකු වෙත ප්‍රකාශ කර සිටියේ.

gossip lanka