Email

දුම්රිය වෘත්තීය සමිති අද ජනපති හමුවෙයි

සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අද (23) දිනයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග තවත් සාකච්ඡාවක් පවත්වන බව ඉකුත්දා වැඩ වර්ජනයක නිරතවූ දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ සිය ගැටළුවලට අද පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක්
ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබාදීමට පසුගියදා කොමිෂක් පත් කෙරුණා. මාස 02ක් ඇතුළත එම කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවයි රජයේ පාර්ශ්වයෙන් ප‍්‍රකාශ කෙරුණේ.

ඒ සම්බන්ධයෙන්  දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩගෙන් ප‍්‍රශ්න කළා.

(එහිදී ඔහු දැක්වූ අදහස් පහතින් දැක්වෙයි)


gossip lanka