සීමා නිර්ණ කමිටු වාර්තාව පරාජය වෙයි - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

සීමා නිර්ණ කමිටු වාර්තාව පරාජය වෙයි

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව  පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් වුනා.

වාර්තාව සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ දී විපක්ෂව ඡන්ද 139 ක්
හිමිවුනා.

එයට පක්ෂව ඡන්ද කිසිවක් හිමි නොවීම විශේෂත්වයක්.

මෙයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය මෙයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා තිබුණා.

එහෙත් අවසාන මොහොතේ දෙමළ සන්ධානය සහ නිදහස් පක්ෂය ද තීරණය කළේ වාර්තාවට විරුද්ධව සිය ඡන්දය භාවිත කිරීමටයි.

ජනතා විමුක්ති පෙරමුණ ද මෙයට පක්ෂව ඡන්දය භාවිත නොකිරීම කැපී පෙණුනා.