අගමැතිවරයා යටතේ ඇති වගා බදු අරමුදලේ කෝටි 800කට වෙච්ච දෙයක් නෑ - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

අගමැතිවරයා යටතේ ඇති වගා බදු අරමුදලේ කෝටි 800කට වෙච්ච දෙයක් නෑ

අගමැතිවරයා යටතේ ඇති "වගා බදු අරමුදලේ" රුපියල් කෝටි 800කට සිදුවූ දෙයක් නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න  පැවැසුවේ
ගොවීන්ගේ වගා වන්දි වෙනුවෙන් කෘෂි රක්ෂණ මණ්ඩලය වගා බදු අරමුදලින් රුපියල් කෝටි 700ක් ඉල්ලා සිටි විට එහි තිබූ මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව දැනගන්නට ලැබී ඇති බවයි.

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් දුන් සුද්දය වගා බදු අරමුදලටත් දී ඇත්දැයි වහාම සොයා බැලිය යුතු බවද කරුණාරත්න මහතා පැවැසීය.

එම වගා බදු අරමුදලට මුදල් වෙන් වන්නේ මෙරට රාජ්‍ය හා පෞද්ගලික සියලුම මූල්‍ය ආයතනවලින් වාර්ෂිකව ලැබෙන 1%ක පොලියක් යටතේ වන අතර එම අරමුදල හරහා ගොවියා යම් විපතකට පත් වූ විට ඔහුට වන්දි ලබා දිය හැකි බවද ඒ මහතා කීය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ ආණ්ඩුව මාධ්‍ය සන්දර්ශන පවත්වමින් ගොවීන්ට වගා වන්දි දුන් බව පැවැසුවද දැනටත් වන්දි නොලැබූ පිරිස 90%කටත් ආසන්න බවය.

- මවුබිම