Email

ෆොන්සේකාගේ ඔෆිස් එකට ලක්ෂ 700ක කුලියක් !

සරත් ෆොන්සේකා මහතා අමාත්‍යධූරය දරණ ප්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ කාර්යාල ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 117 බැගින් වසර 5ක කාලයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ
7,020 ක් වැය කිරීමට සිදුව ඇති බව “අනිද්දා” පුවත්පත අනාවරණය කර තිබේ.

සයිනෝ ලංකා ප්‍රොපර්ටීස් පුද්ගලික සමාගම නම් සමාගම සතු පෞද්ගලික ගොඩනැගිල්ලක් මෙලෙස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් 2016 ජුනි 05 වැනිදා මෙලෙස ගිවිසුමක් අත්සන් කර ඇති බව පැවසේ.

අදාල ගිවිසුමට අනුව ගිවිසුම් කාලය අවසන්වීමට ඇත්තේ 2021 මැයි 31 වැනිදාය.

එම ගොඩනැගිල්ල කුළියට ගන්නා අවස්ථාවේ ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඉකුත් කැබිනට් සංශෝධනයෙන් පසුව ඔහුට වනජීවී අමාත්‍යංශයද බාරදුන්නේය. ඒ අනුව අදාළ අමාත්‍යංශ දෙකම එකක් බවට පත්විය.

වනජීවී අමාත්‍යංශයේ කාර්යමණ්ඩලයට සෙත්සිරිපායේ 09 වැනි මහලේ කාර්යාලයක් තිබුණද, එම කාර්යමණ්ඩලය ද මේවන විට රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ල වෙත ගෙනගොස් ඇති බවද පැවසේ.

gossip lanka