Email

තිලංගට එරෙහිව විශ්වාස භංගයක් !

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එරෙහිව වහාම විශ්වාස භංගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසුයේ, පාර්ලිමේන්තුව තුලදී ස්වාධීනව කටයුතු කිරීම නියෝජ්‍ය කතානායකගේ වගකීම වුවත් ඔහු
අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ ගෙන ආ විශ්වාස භංගයේදී මුළුමනින්ම පක්ෂග්‍රාහීව කටයුතු කල බවයි.

එහෙයින් නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව මන්ත්‍රීවරයාඅවධාරණය කර සිටියේය.

ඊයේ පැවති විස්වාස භංග විවාදයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසුයේ, තම කණ්ඩායම විශ්වාස භංගයට පක්ෂවීමට තීරණය කලේ ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව බවය.


gossip lanka