Email

පුංචි ආණ්ඩු දෙකට කඩන බව ජනපති කියයි !

පළාත් පාලන ආයතනවල මහජන සේවාවන් සඳහා මන්ත්‍රීන් අටදහස් ගණනක් මේ රටට අවශ්‍ය නොවන බැවින් එයින් 50% අඩුකර දැමීමට ළඟදීම මැතිසබයට අණපනත් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (06) පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී
ජනාධිපතිවරයා මේ බව අවධාරණයෙන් පැවසීය.

මේ වැරදි ක්‍රමය නිසා පළාත්පාලන ආයතන මන්ත්‍රීන් පවා මුදලට විකිණෙන තත්ත්වයට පත්ව ඇතැයි කී ජනපතිවරයා විධිමත් පළාත් පාලන පද්ධතියකට මෙතරම් මන්ත්‍රීන් අවශ්‍ය නොවන බවද කියා සිටියේය.

මෙම මන්ත්‍රී සංඛ්‍යාව රටටද බරක් වී ඇති බවද ජනපතිවරයා කීය.


gossip lanka