Email

මහේන්ද්‍රන්ට රතු වරෙන්තු ගැනීමට බාධා !

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අන්තර් ජාතික රතු වරෙන්තුවක් ලබා ගැනීමට අධිකරණයෙන් ඉල්ලීමේ බාධාවක් මතුව ඇති බව වාර්තා වේ.

මීට හේතුවී ඇති ප්‍රධානම බාධකය වන්නේ අර්ජුන් මහෙන්ද්‍රන්ට අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා විධිමත් දැනුම්දීමක් කළ බවට අධිකරණයට සනාථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකිවීමය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සිගප්පූරුවේ ලිපිනයට කුරියර් සේවයක සහය ලබාගෙන ලිපියක් යවා තිබුණද එකී ලිපිනයේ ඔහු නොමැතිවීම නිසා අදාළ ලිපිය නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම ලැබී තිබේ.

මීට අමතරව, මහේන්ද්‍රන් මහතා මහ බැංකු බැඳුම්කර කොමිසමට නොකඩවා පැමිණ සාක්ෂි ලබාදීමත්, කොමිසම දැනුවත්කර විදේශගතවීමත් ඔහුට විරුද්ධව වරෙන්තු ගැනීමට බාධාවී ඇත.

එසේම ඔහුට ශ්‍රී ලාංකික පුරවැසිබාවය නොමැතිවීමත් අදාළ තත්ත්වය තවත් අවුල් කර ඇතැයි පැවසේ.

මේවන විට අර්ජුන් මහේන්ද්‍රන් මහතා කුමන රටක සිටින්නේ දැයි සනාථ කර ගැනීමට නොහැකිවී ඇති බව වාර්තා වේ.

gossip lanka