Email

අගමැතිගේ ආර්ථික කමිටුව අහෝසි කරන්න ජනාධිපති කැබිනට් පත්‍රිකාව දමයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට කාලයක් අවශ්‍ය බව
මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කිරීමෙන් පසුව එය අනුමත කිරීම පසුවට කල්දැමූ බව දැනගන්නට ඇත.

ඉකුත් පෙබරවාරි 27දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ කමිටුව අහෝසි කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබිණි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසුව එදින රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවීමට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමැතිවරුන් වන කබීර් හෂීම්, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම මහත්වරුන්, කළමනාකරණ කමිටුව අහෝසි නොකරන ලෙසට ඉල්ලීමක් කොට තිබිණි. පැය එකහමාරක පමණ කාලයක් තිස්සේ පැවැති එම සාකච්ඡාවේදී ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ තමා කැබිනට් මණ්ඩලයේදී කළ දැනුම්දීම ලිඛිතව ලබාදෙන බවකි.

ජනාධිපති කළ ඒ දැනුම්දීම ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී එනම් මාර්තු 6 වැනිදා කැබිනට් සන්දේශයකින්ම කර තිබේ.

මේ අතර පසුගිය සිකුරාදාත් (9දා) ආර්ථික කමිටුව රැස්වී ඇත.

– mawbima


gossip lanka