Email

පොලිසියට අලුතින් එකතුවන බැඳුම්කර අංශය

බැඳුම්කර වංචා විමර්ශනය කිරීම සඳහා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට “බැඳුම්කර අංශය” නමින් වෙනම ඒකකයක් නුදුරේදීම ස්ථාපිත කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේවන විටද මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදු
කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සටහන්කර ගැනීම ආරම්භ කර ඇතැයි පැවසේ.

ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරිපත් කර ඇති වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු වහාම විමර්ශන ආරම්භ කරන බවද එහි උසස් නිලධාරියකු පැවසීය.

මේ අතර විමර්ශන කටයුතු සඳහා තවත් නිලධාරීන් පිරිසක්ද බඳවාගැනීමට ද රහස් පොලිසිය කටයුතු කරමින් සිටින බව පැවසේ.




gossip lanka