Email

‘මුදල් විශුද්ධිකරණයේදී ලංකාව දැඩි අවදානම් රටක්’

මුදල් විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියට එල්ලව ඇති තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමට ප‍්‍රමාණවත් පියවර ගෙන නොමැති රටවල් 11කට ශී‍්‍ර ලංකාව ද ඇතුලත් කෙරේ.

අන්තර් ආණ්ඩු මූල්‍ය කි‍්‍රයාකාරී කාර්ය සාධක බලකායට අනුව, මෙම
රටවල් දැඩි අවදානම් සහිත සහ පාලන අධීක්ෂණයට ලක් විය යුතු වේ.

එම කාර්ය සාධක බලකාය සකස් කල ලේඛනයකට අනුව අනෙකුත් රටවල් 10 වන්නේ, බොස්නියාව සහ හර්සගොවීනා, උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, සිරියාව, ටි‍්‍රනිඩෑඩ් සහ ටුබාගෝ, ටියුනීසියාව, වනවාටු සහ යේමනය යි.

මුදල් විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය එල්ලව ඇති තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමේදී නීතිමය, නියාමන සහ කි‍්‍රයාකාරී පියවර ගන්නා මෙම කාර්ය සාධක බලකාය, තම නිර්දේශ නිසි අයුරින් රටවල් පිළිපදින්නේ ද යන්න පිළිබඳව ද අධීක්ෂණය කරයි.

මෙම කාර්ය සාධක බලකාය සමග එක්ව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව 2017 ඔක්තෝබර් මාසයේදී එකගත්වය පළ කළේය.

ඒ සම්බන්ධයෙන් ඇති නිර්දේශ 40ක් මේ වසර අවසන් වන කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකා මහබැංකුව බලාපොරොත්තු වන බව ‘දි සන්ඩේ ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කර සිටී.


gossip lanka