Email

ශ‍්‍රිලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති පළමුවරට කියයි..

පසුගිය වර පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 96 දෙනා තමන් සමග එක්වන්නේ නම් හෙට දිනයේ වුවද ශ‍්‍රීලනිප ආණ්ඩුවක්
පිහිටුවීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

රත්නපුරයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

එනිසා ජී.එල්. පීරිස්ගේ කුණු කාණුව, වසංගතය අතහැර තමන් සමග එක්වන ලෙස සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීම යනු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ශ‍්‍රිලනිප අගමැතිවරයෙක් හා කැබිනෙට්ටුවක් පිහිටුවීමයි.

gossip lanka