Email

ඛෙත්තාරාමයට රත්තරනින් චීන මහා ප්‍රාකාරයක් ඉදිකරීමට යයි

කොළඹ ඛෙත්තාරාමයේ පිහිටි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ  මාධ්‍ය කුටිය පිහිටා ඇති ප්‍රදේශයේ තාප්පය තවත් ඉහළට ගොඩනැගීම සඳහා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

මෙම තාප්පය ඉදි කරන්නේ මලිගාවත්ත නිවාස සංකීර්ණය වැසී යන
පරිද්දෙන්.

මේ කටයුත්ත සඳහා ඉංජිනේරු ඇස්තම්නේතුව වී ඇත්තේ මිලියන 6ක්.

නමුත් ක්‍රිකට් ආයතනය ඒ සඳහා රුපියල් මිලියන 21ක් හෙවත් කෝටි 2.1ක මුදලක් වැය කිරීමට සුදානම් වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල්‍ය අර්බුදයකට මුහුණු දී සිටින මොහාතේ මෙවැනි නාස්තිකාර වියදම් සිදු කිරීම කණගාටුවට කරුණක් බවයි ක්‍රිකට් ආයතන සේවකයින් පෙන්වා දෙන්නේ.

මෙලෙස අති විශාල මුදලක් වැය කරමින් ඉදිකරන්නට යන තාප්පය ක්‍රිකට් ආයතන සේවකයින් සහ ක්‍රිකට් ක්ෂේත්‍රයේ අය හදුන්වන්නේ රත්තරනින් ඉදි කරන චීන මහා ප්‍රාකාරය ලෙසයි.

gossip lanka