සුවසැරිය හදිසි ගිලන් රථ සේවයේ දෙවන අදියර සඳහා වු එකඟතා ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කිරීමට නියමිතයි.
අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අග්‍රමාත්‍ය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි එය සිදුකිරීමට නියමිත බවයි.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සහ මෙරට ඉන්දිය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු මහතා විසින් අදාල ගිවිසුම සඳහා අත්සන් තැබිමට නියමිතයි.
දෙවන අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රධානයන් සහිත ගිලන් රථ 209ක් ලැබෙනු ඇති.
මෙම ගිලන් රථ රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සේවය සඳහා යෙදවිමට නියමිතයි.
පළමු අදියර යටතේ ලබා ගනු ලැබු ගිලන් රථ 88ක් බස්නාහිර සහ දකුණ පළාත් සඳහා යොදවා තිබෙනවා.
1990 යන ක්ෂණික ඇමතුම් ඔස්සේ සුව සැරිය සේවාව ජනතාවට නොමිලේ ලබා ගත හැකියි.
සුවසැරියේ දෙවන අදියරට මුල පිරීම අද
2018-01-03T10:52:00+05:30
Gossip Lanka Hot News
slide|