විල්පත්තු විනාශය ගැන සෙවීමට කොමිසමක් ඉල්ලයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් පරිවාර වනාන්තර වන විල්ත්තිකුලම රක්ෂිතයේ වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළ යුතු බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

එම පෙරමුණේ උපදේශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
මහතා පෙරේදා (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියහ.

මාධ්‍ය හමුවට එක්වෙමින් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්ද අදහස් පළ කළේය.

මේ වන විනාශය පිළිබඳ තොරතුරු හෙළිදරව් වන විට දේශපාලන හස්තය විසින් මෙතන එවැනි අපරාධයක් සිදු නොවන බව පවසා රට නොමග යවා ඇති බව මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

මේ විලත්තිකුලම් විතරක් නොව මන්නාරම් දිස්ත්‍රික්කයේ, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, වව්නියාව දිස්ත්‍රික්කයේ සහ අම්පාර කියන දිස්ත්‍රික්ක වල මේ කියන ලෙස විශාල වශයෙන් වනාන්තර නීති විරෝධී ලෙස හෙළි පෙහෙළි කර මිනිස්සු පදිංචි කර ඇති බවත් සඳහන් කළේය.

මේ පිළිබඳව අනිවාර්යයෙන්ම සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Previous Post Next Post