පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (29) මාතලේ දිස්ත්‍රික්කය සඳහා ද ඇප මුදල් තැන්පත් කළා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි මහලේකම් සාගර කාරියවසම් පැවසුවේ මෙම පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් වෙනම තරග කිරීම අනිවාර්යය බවයි.
එක්ව තරග කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය කොන්දේසිවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සාධනීය පිළිතුරක් අපේක්ෂා කළ නොහැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
එක්ව තරග කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරිපත් කළ ප්රමුඛ කොන්දේසිය වූයේ එක්සත් ජාතික පක්ෂය සමඟ වන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීමයි. එසේ නොමැති නම් අයවැය පරාජය කරන ලෙස විකල්ප යෝජනාවක් ද ඔවුන් ඊයේ (28) ඉදිරිපත් කළා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද අද ඇප තැන්පත් කිරීමට නියමිතයි.

Tags
slide