මුතු බෙල්ලන්ට යලි පණ දෙයි

ලංකාවේ මුහුදු ආශ්‍රිත ජනප්‍රිය කර්මාන්තයක් බවට පත්ව තිබූ මුතු බෙල්ලන් වගාව නැවත ප්‍රචලිත කිරීමට නාරා ආයතතනය කටයුතු සැලසුම් කර තිබේ.

මෙය ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත සිදුවන්නකි.

ස්වභාවික ආපදා සහ යුධ වාතාවරණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු මෙම කර්මාන්තය මෙසේ නැවත මෙරට තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කෙරෙන්නේ වසර 30කට පසුවය.
මිරිදිය සහ කරදිය ආශ්‍රිතව සිදු කරන මෙම මුතු බෙල්ලන් වගාව සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගැනීමටද එම ආයතනය කටයුතු කර තිබේ.

හලාවතුර සිට සිලාවතුර දක්වා මුතු බෙල්ලන් වගා කිරීමේ යෝග්‍ය පරිසයක් තිබුණද සුදුසු පරිසරයක් ඇති සෙසු ප්‍රදේශවලද මෙම වගාව සිදු කළ හැක. මෙය ධීවර ප්‍රජාවට අමතර ආදායමක් උපයිය හැකි කර්මාන්තයක් වශයෙන්ද සැලකේ.

ආර්ථික විශ්ලේෂකයන්ට අනුව මුතු බෙල්ලන් වගාව මෙරට තුළ සාර්ථකව ස්ථාපිත කිරීමෙන් විශාල ප්‍රමාණයක විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිය.

දැනට ලෝකයේ ප්‍රමුඛ පෙළේ මුතු බෙල්ලන් නිෂ්පාදකයා වන පාකිස්ථානය වසරකට ඩොලර් බිලියන 6000ක ආදායමක් උපයයි.
Previous Post Next Post