June 2016 - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ෆොන්සේකා කැළණියට ඒම ගැන මර්වින් කතාකරයි

Thursday, June 30, 2016
ෆොන්සේකා කැළණියට ඒම ගැන මර්වින් කතාකරයි
අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායකවරයා ලෙසද පත් කෙරුණා.

මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂයක සාමාජිකයකු ලෙස සක්‍රීය දේශපාලනයේ නොයෙදුනද, කැළණියේ දේශපාලන බලවතා ලෙස බොහෝ කාලයක් කටයුතු කළ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහාතා එක්සත් ජාතික පක්ෂයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද ජාතික දේශපාලනයේ නිරත වූවෙක්.

අප මේ නව පත්වීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාගෙන් විමසා සිටියා.

'දේශපාලකයන් මහ බැංකු අධිපති නොකළ යුතුයි' -ඉරාන්

Wednesday, June 29, 2016
'දේශපාලකයන් මහ බැංකු අධිපති නොකළ යුතුයි' -ඉරාන්
මහ බැංකු අධිපති ධුරයට දේශපාලකයන් පත්කිරීම සුදුසු නොවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

මහ බැංකු අධිපති ධුරයට ඒ මහතා පත් කෙරුණු ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිිටියේය.

තමන්ට එම තනතුර ලැබෙන බවට පළවන පුවත් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසු එරාන් වික‍්‍රමරත්න මහතා, වැඩිදුරටත් සඳහන් කළේ. තමන් ජනතාව ලබාදුන් ජන වරමට අනුව ජනතාවට සේවය කිරීමට බැඳී සිිටින බවයි.

බැසිල් නිසා ඒකාබද්ධ විපක්ෂය දෙදරයි? - මහින්දගෙන් ඒකාබද්ධ කමිටුවක්

Tuesday, June 28, 2016
බැසිල් නිසා ඒකාබද්ධ විපක්ෂය දෙදරයි? - මහින්දගෙන් ඒකාබද්ධ කමිටුවක්
ඒකාබද්ධ විපක්ෂය හා බැසිල් රාජපක්ෂ අතර මත ගැටුමක් පැවති බවත් එම තත්ත්වය දුරදිග යාමක් පෙන්නුම් කළ හෙයින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී එම ප්‍රශ්නයට විසදුමක් ලබා දී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ කර නොගෙන බැසිල් රාජපක්ෂ මහතාගේ කාර්යාලයෙන් වෙනම දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබූ බවට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ල වී තිබිණි.

මෙම මත ගැටුම ඇතිවීමට හේතුවී ඇති තවත් කාරණයක් වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂය වෙනම දේශපාලන වැඩපිළිවෙලක් සිදු කරන අතරතුර බැසිල් රාජපක්ෂ මහතාද පලාත් සභා හා පලාත් පාලන නියෝජිතයින් සමග වෙනම දේශපාලන වැඩපිළිවෙලක් සිදුකරගෙන යාමයි.

මේක සූටිං - මාටින් වගේ ආණ්‌ඩුවක්‌ - මහින්ද

Monday, June 27, 2016
මේක සූටිං - මාටින් වගේ ආණ්‌ඩුවක්‌ - මහින්ද
මේ ළඟදී පොඩි ළමයෙක්‌ මට කිව්වා මේ ආණ්‌ඩුව සූටිං-මාටින් වගේ ආණ්‌ඩුවක්‌ කියලා. ඒක ඇත්ත. ආණ්‌ඩුවේ ප්‍රධානීන් දෙන්නගේ අදහස්‌ දෙකක්‌. ඒ නිසා රට ඉස්‌සරහට යන්නේ නැහැ.˜‍

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ප්‍රකාශය කළේ පෙරේදා (25 දා) සවස මැදිරිගිරිය පශ්චිමාරාම විහාරස්‌ථානයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වෙමිනි.

එම විහාරස්‌ථානයේ අලූ‍තින් ඉදිකළ චෛත්‍ය මහජනයා වෙත වන්දනාමාන කිරීම සඳහා විවෘත කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එංගලන්ත අගමැති ඉල්ලා අස්වීමට සූදානම්

Friday, June 24, 2016
එංගලන්ත අගමැති ඉල්ලා අස්වීමට සූදානම්
බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට තමන් දරන ලද මතය පරාජය වූ බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා පවසනවා.

මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ලබන ඔක්තෝම්බරයේ කන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සමුළුවේ දී අලුත් අගමැති කෙනෙකු තෝරා ගත යුතු බවයි.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී ඩේවිඩ් කැමරන් මහතා සිය අගමැති තනතුරෙන් ඉවත්ව යාමට තීරණය කර තිබෙනවා.

රංජන්ගෙන් ජනපතිට ලිපියක්

Thursday, June 23, 2016
රංජන්ගෙන්  ජනපතිට ලිපියක්
මෑත කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එහෙත් වසර ගණනාවක සිට පවත්වාගෙන ආ රජයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.


එම ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.


අතිගරු ජනාධිපතිතුමනි,

මෑත කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එහෙත් වසර ගණනාවක සිට පවත්වාගෙන ආ රජයේ අමාත්‍යවරුන් ගේ කෝටි 3නේ සිට ඉහළට මිලක් ඇති වාහන ගෙන්වීමේ වැඩපිළිවෙළ ජනතාවට සහන ලබාදෙන තෙක් කල් දැමීමට ඔබතුමන් හා අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට පළමු කොට මගේ ආචාරය පුද කොට සිටිමි.

ආණ්ඩුවට රතු එළියක්

Wednesday, June 22, 2016
ආණ්ඩුවට රතු එළියක්
මහජනතාවගේ න්‍යාය පත‍්‍රය හැර වෙනත් න්‍යාය පත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

‘‘ජනවාරි 08 පැතූ යහපාලනය මේකද?’’ යන තේමාව ඔස්සේ කොළඹ මහජන පුස්තකාලයේ ඊයේ පැවති සමුළුවක් අමතමින් සරත් විජේසූරිය මහතා මේ බව කියා සිටියේය.

දූෂණ සහ අක‍්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමේදී පක්ෂ හෝ පාට භේද නොසැලකිය යුතු යැයි ආණ්ඩුවට රතු එළි දල්වන බවද මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසිය.

බ්‍රිතාන්‍ය ඡන්දය ගැන ශ්‍රී ලංකාව මෙතරම් උනන්දු ඇයි?

Tuesday, June 21, 2016
බ්‍රිතාන්‍ය ඡන්දය ගැන ශ්‍රී ලංකාව මෙතරම් උනන්දු ඇයි?
කිසියම් ලෙසකින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද එමගින් බරපතල අහිතකර බලපෑමක් ඇති වනු ඇති බව ජනමත විචාරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක් වී සිටින ශ්‍රී ලාංකික මැති ඇමතිවරු පිරිසක් පවසති.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටීමේ අවශ්‍යතාවය එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවධාරණය කරමින් සිටින්නේ ඒ නිසා බවයි, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සහ අගමැති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක කියා සිටියේය.

මහින්ද අගමැති තරඟයට

Monday, June 20, 2016
මහින්ද අගමැති තරඟයට
නව ව්‍යවස්ථාවට අනුව තමන්ට ජනාධිපතිවරණයටකට තරග වැදීම වළක්වා ඇති නමුත්, ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයකදී අගමැති අපේක්‍ෂකයා ලෙස තරඟ කිරිමට තමන් අදහස් කර සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ජපාන සංචාරය අතරතුරදී එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කර තිබේ.

දේශපාලඥයින් කිසිදා විශ‍්‍රාම නොයන බවද සඳහන් කර ඇති මහින්ද රාජපක්‍ෂ මහතා, තමන් ඩොලර් බිලියන 18ක් නොව එක ඩොලරයක් හෝ සොරකම් කලේ යයි ඔප්පු කලහොත් ගෙල සිඳ ගැනීමටද සූදානම් බව සදහන් කර තිබේ.

අධිකරණයට ඉදිරිපත් වූ යෝෂිතට ඇප

Thursday, June 16, 2016
අධිකරණයට ඉදිරිපත් වූ යෝෂිතට ඇප
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) ඉදිරිපත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ , දෙහිවල මිහිදු මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ ගල්කිස්ස ‍මහේස්ත්‍රාත්වරයා යෝෂිත රාජපක්ෂ මහතා මුදාහැරියේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මතයි.

සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

Wednesday, June 15, 2016
සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (14) රාත‍්‍රියේ අභාවප‍්‍රාප්ත වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගෙන් පසු එම පක්ෂය යළි ශක්තිමත් කිරීමේ ගෞරවය හිමිවන්නේ සෝමවංශ අමරසිංහ මහතාටයි.

කළුතර විද්‍යාලයේ සිප් සතර හැදෑරූ සෝමවංශ අමරසිංහ මහතා 1965 වසරේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙකු ලෙස සිය පළමු හා අවසන් රැකියාව ආරම්භ කළා. ඔහු දේශපාලනයට පිවිසෙන්නේ 1965 වසරේදීයි.

අර්ජුන යවන්න බන්දුලල පාරට

Tuesday, June 14, 2016
අර්ජුන යවන්න බන්දුලල පාරට
මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය තවත් දිගු නොකර ඔහු එම තනතුරින් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් අද (14දා) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එසේම මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට තවදුරටත් සේවා දිගුවක් නොදිය යුතු බව පවසමින් ලබන 24 වැනිදා සිට විරෝධතා ආරම්භ කරන බවත්, රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය මුල්කර ගනිමින් එසේ විරෝධතා ආරම්භ කරන බවත්, ඒ මහතා පැවසීය.

ඔස්ට්‍රේලියානු සෙනෙට් අසුනකට ලංකිකයෙකු නම් කරයි

Monday, June 13, 2016
ඔස්ට්‍රේලියානු සෙනෙට් අසුනකට ලංකිකයෙකු නම් කරයි
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් අසුනක් සඳහා තරඟ කිරීමට එරට කම්කරු පක්ෂයෙන් පළමු වරට ශ්‍රී ලාංකිකයෙකුට නාමයෝජනා හිමිව තිබේ.

ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නව දකුණු වේල්ස ශාඛාව(NSW)වෙනුවෙන් එරට වෙසෙන ජගත් බණ්ඩාරට මෙලෙස නාමයෝජනා හිමිව ඇති බව සඳහන්ය.

මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ජගත් බණ්ඩාර මහතා පවසා ඇත්තේ තමන් ඕස්ට්‍රේලියාවට පැමිණි දින සිට වැඩ කළ සෑම ක්ෂේත්‍රයකම ඉතාම උනන්දුවෙන් හා වෙහෙස මහන්සිවී සේවය කළ බව හා සාමූහිකව සහයෝගයෙන් කටයුතු කළ බවයි.

ජනපති මැදුරේ තිබූ ටොන් 20ක වස්තුවක් අතුරුදහන්

Saturday, June 11, 2016
ජනපති මැදුරේ තිබූ ටොන් 20ක වස්තුවක් අතුරුදහන්
ජනාධිපති මන්දිරය පිහිටි ගෝර්ඩන් උද්‍යානයේ ටොන් 20ක් බරැති ගල්කුළක සටහන් කර තිබූ පෘතුගීසි රාජ්‍ය ලාංජනය අතුරුදන් වී ඇත.

ක්‍රි.ව. 1505දි ප්‍රථම වරට මෙරටට පැමිණි ලොරැන්සෝ ද අල්මේදා ප්‍රමුක පෘතුගීසි නාවිකයන් පිරිස විසින් කොළඹ කොටුවේ ගල් බොක්ක (Gallbuck) නම් ස්ථානයේ ගල්කුළක ඔවුන්ගේ ආගමනය සිහිවීම පිණිස මේ ලාංජනය කොටා තිබිණි.

පුරාවිද්‍යා ආඥාපනත යටතේ ආරක්ෂිත ස්මාරකයක් ලෙස ලේඛනගතව තිබූ මේ ලාංජනය දැඩි ආරක්ෂිත කලාපයක තිබී අතුරුදන් වීමද අභිරහසකි.

කොස්ගම පිපිරීමට මහින්ද - ගෝඨා වගකිව යුතුයි - අකිල විරාජ්

Thursday, June 09, 2016
කොස්ගම පිපිරීමට මහින්ද - ගෝඨා වගකිව යුතුයි - අකිල විරාජ්
සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම සම්බන්ධයෙන් වගකීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විසින් බාරගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(09)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

යුද්ධය නිමාවූ පසු ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අත්දැකීම් අනුව එම අවි ඉවත් කළ යුතුව තිබුණු බවත් යුද්ධය නිමාවී වසර 6ක් ගතවූ පසුද ඒවා ඉවත් කිරීමට කටයුතු ‍කර නොමැති බවත්, ඒ අනුව එම වගකීම ඔවුන් විසින් පැහැරහැර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ඇමති වාහනවලට කෝටි 118ක්‌ - සුපිරි වාහන හිමිවන ඇමතිවරු 30දෙනා මෙන්න

Wednesday, June 08, 2016
ඇමති වාහනවලට කෝටි 118ක්‌ - සුපිරි වාහන හිමිවන ඇමතිවරු 30දෙනා මෙන්න
ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිස්‌ දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දහඅට කෝටි විසි පන් ලක්‌ෂයක අමතර මුදලක්‌ ඉල්ලා ඊයේ (07) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර තිබේ.

මෙම පරිපූරක ඇස්‌තමේන්තුව අනුව ඇතැම් ඇමැතිවරුන්ට වාහන දෙකක්‌ මිලට ගැනීමට මුදල් ඉල්ලා තිබේ.

බැසිල් අත්අඩංගුවට

Monday, June 06, 2016
බැසිල් අත්අඩංගුවට
ගම්පහ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පූගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(06) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි.

'නංගී පෙන්නා ආච්චි දුන්නා'- වෙල්ගම

Sunday, June 05, 2016
'නංගී පෙන්නා ආච්චි දුන්නා'- වෙල්ගම
වත්මන් ආණ්ඩුව වාහන සඳහා බදු පැනවීමට ගත් ක්‍රියා මාර්ගය ගැමිවහරේ තිබෙන නංගී පෙන්නා අක්කා දෙනවා කියන වහරටත් වඩා නංගී පෙන්නා ආච්චී දීම වැනි තත්වයක් බව කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පරිසර හිතකාමී වාහනවල මිල අඩු වූවා නම් පළමුවෙන්ම මිල අඩු විය යුත්තේ ඉලෙක්ට්‍රික් කාර්වල බවත් පසුගිය රජය කාලයේ බද්ද සියයට පහක්ව තිබූ ඉලෙක්ට්‍රික් කාර්වල බද්ද වත්මන් රජය සියයට පනහකින් වැඩි කළ බවත් ඒ මහතා පවසයි.

ජනපති ජෝන්ගෙන් පුවතක් ඉල්ලා FCIDයට දෙහි කපයි

Saturday, June 04, 2016
ජනපති ජෝන්ගෙන් පුවතක් ඉල්ලා FCIDයට දෙහි කපයි
පසුගිය 01 වැනිදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු පළාතේ සංචාරයක නිරත විය.

ඊට ප්‍රධාන හේතු කාරණාව වූයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හා හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලය විවෘත කිරීමය.

බුද්ධික මහතාගේ පියාගේ අවමගුලට එක්වූ ජනපති ඊට පසුව ගමන් කළේ ෂැන්ග්‍රිලා හෝටලය විවෘත කිරීමටය.

මහින්දගෙ ආරක්ෂාව සෙල්ලමක් කර ගෙන

Friday, June 03, 2016
මහින්දගෙ ආරක්ෂාව සෙල්ලමක් කර ගෙන
හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත් කිරීම කෙසේ වුවද දහම් බේබිට හා චතුරිකාට හොඳ ආරක්ෂාවක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද (03 දා) කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ත්‍රස්තවාදයෙන් රට බේරාගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ජීවිතයට යම් හානියක් වුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා විසින් පෞද්ගලිකව බාරගත යුතු බවත් ,ආණ්ඩුව හිටපු ජනපතිගේ ආරක්ෂාව සමග සෙල්ලම් කරමින් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

‘අපි ගෙඩනඟන්නේ විනයගරුක පුද්ගලයින්’ - අනුර

Thursday, June 02, 2016
‘අපි ගෙඩනඟන්නේ විනයගරුක පුද්ගලයින්’ - අනුර
ආණ්ඩුව රට අශිෂ්ටත්වය කරා රැගෙන යනවා. අපි මේ ආණ්ඩුවෙන් යහපාලනය බලපොරොත්තු වෙන්නේ නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01) පැලවත්ත පක්ෂ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ජවිපෙ ශිෂ්ට සම්පන්න පක්‍ෂයක් බවත්, විනයගරුක පුද්ගලයින් ගොඩනගන්න තම පක්ෂය සමත්වී ඇති බව රිය අනතුරෙන් පසු විජිත හේරත් මහතා ක්‍රියා කළ අයුරින් රටට පෙන්වා දුන් බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ෆීල්ඩ් මාෂල් හා නාමල් සෝපානයේ තනිවෙලා

Wednesday, June 01, 2016
ෆීල්ඩ් මාෂල් හා නාමල් සෝපානයේ තනිවෙලා
පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේදී හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ හා අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තනිවීමේ පුවතක් වාර්තා වේ.

එහිදී මොවුන් කථාබස් කළේ මොනවාදැයි යන්න මෙතෙක් හෙළිවී නොමැත.

මේ අවස්ථාව උදාකර දී ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතා බවද පැවසේ.