කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද(04) දිනයේ අභියාචනයක් ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අභියාචනාධිකරණ විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවයි.
එම නිසා එයට එරෙහිව අද දින ආරම්භක පැයේදීම
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුක්‍රකම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව එම නිවේදනයේ සඳහන් වෙයි.
රටෙහි දේශපාලන ස්ථාවර භාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය එනම් මහ මැතිවරණයක් හරහා මහජනතාගේ මතය දිනා දීම සඳහා වු වැඩපිළිවෙල වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත් අවශ්‍ය වන බැවින් ඒ සඳහා කැපවන ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා එම නිවේදනයෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර අදාළ අභියචනාධිකරණ අතුරු තහනම් නියෝගය ලබාදීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත් විය.
එම සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී සුසිල් ප්‍රේමජයන්ත සහ වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙසේ අදහස් පල කළේය.
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
Tuesday, December 4, 2018
ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරම්භක පැයේ දීම මහින්දගෙන් අභියාචනයක්
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide