තවදුරටත් තද වැසි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, October 6, 2018

තවදුරටත් තද වැසි

දිවයිනේ පවතින වැසි තත්ත්වය අද (06) සහ ‍හෙට දිනයේහිදී තවදුරටත් වර්ධනය විය හැකි බව බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති
විය හැකි බව එහි සඳහන් වේ.

මධ්‍යම, ඌව, සඹරගමුව, වයඹ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇති විය
 හැක.

 උතුරු-මැද සහ දකුණු පළාත්වලත් මන්නාරම, වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද
වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එමප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර
ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  ජනතාවගෙන් ඉල්ලි සිටියි.

කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට (07)
 සවස දක්වා මුහුදු රළ මීටර් 2.0-2.5 ක් පමණ දක්වා (මෙය ගොඩබිමට එන එළ නොවේ) ඉහළ යාමේ
හැකියාවක් පවතින අතර සුළු වශයේන් ගොඩබිමට පැමිණිය හැකි බව කාළගුණ විද්‍ය දෙපාර්තමෙන්තුව පවසයි.

දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ .

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර,හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පවසි.

බෙන්තොට සිට ගාල්ල සහ හම්බන්තොට  හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන  අතර සුළඟේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

 එම මුහුදු ප්‍රදේශවල  සුළඟේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර විටින් විට තරමක් රළු විය හැකි වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිව්චිත දිශෘවකින් තොරව හමන අතර සුළඟේ වේගය පැ.කී.මී. 15-25 පමණ
වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවව තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශව තාවකාලිකව
රළු විය හැක.