අදත් තද වැසි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, October 4, 2018

අදත් තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වයුගෝලේ පවතින  කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයෙදී තවදුරටත් පවතිනු ඇත.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

වයඹ, උතුරු-මැද, මධ්‍යම, ඌව සඹරගමුව පළාත්වලත් යාපනය
දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

 බස්නාහිර, දකුණු සහ උතුරු බවරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 බස්නාහිර, සඹරගමුව සහ මධ්‍යම පළාත්ව සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.