අදත් තද වැසි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, October 3, 2018

අදත් තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹීලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්ව ඉදිරි දින කිහිපයෙත් තවදුරටත් පවතිනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු-මැද, මධ්‍යම ස ඌව පළාත්ව ඇතැම් ස්ථානවලට මි.මී. 150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි අතර
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

වෙරළබඩ  ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.