පවාදීම් අතින් අංක 01ට.. ලංකාවට ටෙස්ට් තත්වය අහිමිවෙයි..? ලක් ක්‍රිකට් බළධරයන්ට අයිසිසිය අවසන් රතු නිවේදනය දෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, October 3, 2018

පවාදීම් අතින් අංක 01ට.. ලංකාවට ටෙස්ට් තත්වය අහිමිවෙයි..? ලක් ක්‍රිකට් බළධරයන්ට අයිසිසිය අවසන් රතු නිවේදනය දෙයි

ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබෙනවා.

පසුගිය ඉරිදා ශ්‍රීලංකා ක්‍රිකට් බළධාරීන් සමග පැවති සාකච්ඡාවකදි ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තරඟ පාවාදීම් සම්බන්ධයෙන්  අදාළ තොරතුරු සහ සාක්ෂි තමන්
සතු බව අයි.සී.සී. බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇති අතර, දිගින් දිගටම මෙම තත්ත්වය පැවතියහොත් ටෙස්ට් තත්ත්වය ඉවත් කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීමටත් සිදුවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය, වැඩිදුරටත් දැනුම් දී ඇති බව වාර්තාවනවා.