මහින්ද ආව හේතුව එස්.බී කියයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, October 9, 2018

මහින්ද ආව හේතුව එස්.බී කියයි

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තම නිවසේදී කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ තම නිවසේ පැවැති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා සහභාගී වූ බවයි.

එහිදී කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ බව පවසන මන්ත්‍රිවරයා, පැමිණ සිටි අනෙකුත් මන්ත්‍රීවරුන් සමඟ රටේ ආර්ථික අර්බුදය හා අනාරක්ෂිත බව පිළිබඳ සාමාන්‍ය කතාබහක් පමණක් පැවැති බව සිය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.

වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා සභාග ආණ්ඩුවක් පිහිටුවිම සම්බන්ධයෙන් එස්.බී දිසානායක මහතාගේ නිවසේ පසුගියදා සාකච්ඡාවක නිරත වී ඇති බව මාධ්‍ය වාර්තා පලවී තිබුණි.