"ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයයිලු" සනත් අයි.සී.සීයට දුරකථනය ලබා දෙන්න බෑ කියලා, ලියකියවිලිත් විනාශ කළ බවට චෝදනා! - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, October 16, 2018

"ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයයිලු" සනත් අයි.සී.සීයට දුරකථනය ලබා දෙන්න බෑ කියලා, ලියකියවිලිත් විනාශ කළ බවට චෝදනා!

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන එ්කකය විසින් හිටපු කි‍්‍රකට් නායක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට සෘජුවම චෝදනා එල්ල කර තිබේ. ඒ  අයි.සී.සී. දූෂණ සංග‍්‍රහයේ නීතී රීති
උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේය.

මේ අතර ඒ සදහා හේතු වූ කරුණු මේවනවිට අනාවරණය වෙමින් පවති. අයි.සී.සීය විසින් සනත් ජයසූරියට චෝදනා එල්ල කිරීමට ප්‍රධාන කරුණු දෙකක් බලපා තිබේ. ඉන් පළමු කරුණ සනත් ජයසූරිය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශනය එ්කකයට සිය ජංගම දුරකථනය ලබා නොදීමයි. සනත් ජයසූරීය විසින් තවත් ලියකිවිලි රාශියක් සැඟවීම සහ විනාශ කිරීම ඔහුට එල්ලවී ඇති දෙවන චෝදනාව‍යි. මෙම සැගවූ සහ විනාශ කළ ලියකියවිලි ක්‍රිකට් දූෂණ සහ වංචා සමබන්ධ ලියකියවිලි බවට අයි.සී.සීය චෝදනා එල්ල කරයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ (15 දා) සිට ක‍්‍රියාත්මක වන පරිදි දින 14 ක් ඇතුළත සනත් ජයසූරිය නිදහසට කරුණු ඉදිරිපත් නොකළහොත් ඔහුට එරෙහිව අයි.සී.සී.ය විසින් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන එ්කකයේ ප‍්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් මින්පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙම විමර්ෂණ සදහා පූර්ණ බලය ඉල්ලා සිටියේය. ඇලෙක්ස් මාෂල් මින්පෙර සදහන් කර සිටියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සිදුවී ඇතැයි සඳහන් දූෂණ ඉතාමත් බරපතළ බවය.

මේ අතර සනත් ජයසූරීය සිය දුරකථනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පරීක්ෂණ නිළධාරීන්ට ලබා නොදීම සම්බන්ධයෙන් සමාජජාලා ක්‍රියාකාරිකයන් අදහස් දක්වා තිබුනි. එහිදි සමාජජාලාවන්හී පළවූ අදහසක් වූයේ 'ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිසා කලාමැදිරි එළියටත් බියය' යනුවෙනි. සනත් ජයසූරීයගේ යැයි කියන ආන්දෝලනාත්මක වීඩියෝවක් පසුගිය දිනවල සමාජජාලාවන්හි සිඝ්‍රයෙන් කතාබහට ලක්වීමද විශේෂත්වයකි.