ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල මහතාට එම ධුරය දැරීමට සුදුසුකම් ඇත්දැයි විමසමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමුකර තිබේ.
එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් වෙත ලිපියක් යොමුකරන
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙන්නේ මාධ්‍ය ආයතනයකට, ක්‍රීඩා භාණ්ඩ වෙළඳාමට සම්බන්ධ, මෙන්ම සූදු ආයතනයට සම්බන්ධ අයෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත්වීමට අවස්ථාවක් ඇතිද යන්නයි.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත්වීම සඳහා 2016 දී ඔහුට අයි.සී.සීය අවසරයක් ලබාදුන්නේ දැයි යන්න පිළිබඳව රන්ජන් රාමනායක මහතා සිය ලිපියෙන් විමසා සිටියි.
අමාත්‍යවරයා මෙම ලිපිය පෙරේදා (04දා) යොමුකර තිබේ.
Saturday, October 6, 2018
තිලංගගේ සුදුසුකම් ගැන විමසා රන්ජන්ගෙන් ICCයට ලිපියක්
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide