''ආවා'' කල්ලියේ සාමාජිකයෝ මහ දවල් කඩු පොලු රැගෙන යාපනයේ මාර්ගවල ගමන් කොට ඔවුන්ට අවශ්‍ය ස්ථානවලදී රත්තරන් ඇතුළු මුදල් මංකොල්ල කෑමට පටන් ගැනීමත් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමටත් පටන් ගැනීමත් සමගම යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය
පියවර ගෙන තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වන උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් කියා සිටියේ මිනිසුන්ගේ සාමයට තර්ජනයක් වන කල්ලි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ යුතු නමුත් ඉන් සාමාන්‍ය වැසියන්ට කරදරයක් නොවිය යුතු බවයි.
යාපනයේ ජනතාව ''ආවා කල්ලිය'' ඇතුළු කල්ලිවලට බියේ ජීවත් වන අතරතුර පොලීසිය ද මහමග යන පිරිස් හා ඔවුන්ගේ බඩුබාහිරාදිය ද පරීක්ෂා කරමින් සහ හැදුනුම්පත් පරීක්ෂා කරමින් කටයුතු කිරීම නිසා යළිත් වරක් යුද සමයේදී යාපනය නගරයේ පැවති වාතාවරණය යාපනයට පැමිණ ඇති බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය තවත් ඉදිරියටත් ගමන් කළ හොත් දැනට කඳවුරුවල සිටින හමුදා සේනාංකද මාර්ගවලට පිවිස ජනතාව අනවශ්‍ය අන්දමට පරීක්ෂා කිරීම ආරම්භ කළ හැකි බැවින් යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මීට වඩා වෙනත් ක්‍රම අනුගමනය කිරීම වඩා වැදගත් බවද උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් පෙන්වා දෙනවා.
යාපනය, නගර සීමාව ඇතුළු ප්‍රදේශයේ ඊයේ (14) සවස සිට පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ බව යාපනය පොලිසිය පවසා සිටියා.
යාපනය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ උසස් නිළධාරීන්ගෙන් ලද නියෝග යටතේ පොලිස් නිළධාරීන් කණ්ඩායම් කිහිපයක් යොදවා අදාළ සොදිසි මෙහෙයුම සිදුකළ බවයි.
යාපනය නගරය, යාපනය කොක්කුවිල්, තිරුනෙල්වේලි ප්‍රදේශයන්ගේ අදාළ සෝදිසි මෙහෙයුම් සිදුකළ බවද පොලිසිය පැවසුවා.
විවිධ නීති විරෝධි ක්‍රියාවල නිරත වෙන යාපනය කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් මෙම විශේෂ සොදිසි මෙහෙයුම් දියත් කර තිබුණා.
Monday, October 15, 2018
යාපනයේ ආරක්ෂාව දැඩි කරයි - මාර්ග බාධක යොදා සෝදිසි කිරීම් අරඹයි (PHOTOS)
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide