නාමල්ට එරෙහි කළු සල්ලි නඩුවක් විභාග කරන්න තීරණය කරයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, October 25, 2018

නාමල්ට එරෙහි කළු සල්ලි නඩුවක් විභාග කරන්න තීරණය කරයි

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් පෞද්ගලික සමාගමක් හරහා විශුද්ධිකරණය කළේ  යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවතින නඩුව මාර්තු මස 07 වනදා විභාගයට ගැනීමට අද නියෝග කෙරුණා.

මෙම නඩුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය පියවර දැන ගැනීමට
‘‘පරීක්ෂණ උදෘත’’ නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (25) අධිකරණයට දැනුම් දුන්නේ. නඩුව අද කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බොගොල්ලාගම, සුදර්ශන බංඩාර සහ නිත්‍යා සෙනානි යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඔවුන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම මීළඟ නඩු වාරය දක්වා ඉවත් කිරීමටයි එහිදී නියෝග කෙරුණේ.