ලසිත් මාලිංග මට අතවර කලා..- ඉන්දීය ගායිකාවක් චෝදනා කරයි.. - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, October 12, 2018

ලසිත් මාලිංග මට අතවර කලා..- ඉන්දීය ගායිකාවක් චෝදනා කරයි..

ජනප්‍රිය චරිත තමන්ට ලිංගික අතවර කල බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කිරීමේ #MeToo රැල්ල මේ දිනවල ඉන්දියාවේ වසංගතයක් සේ පැතිර යනවා.

මීට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට මෙම චෝදනාව
ඉන්දීය ගුවන් සේවිකාවක් විසින් ලෙස එල්ල කල අතර මෙවර එම රැල්ලට ගොදුරු වී ඇත්තේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩා ලසිත් මාලිංග.

ඉන්දියානු ගායිකාවක් වන Chinmayi Sripaada ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට චෝදනා කර තිබෙනවා, මෙම චෝදනා පදනම් විරහිත වුවත් ඒවාට ඇතැම් පිරිස් විවිධ අදහස් දක්වා තිබෙනවා. මෙම ගායිකාව තමන්ගේ සමාජ ජාල පිටුවක මෙසේ අදහසක් සදහන් කර තිබෙනවා.


ඊට නම ලෙස සඳහන් කර ඇත්තේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ නමයි.

"මම මගේ යාළුවාව හෝටල් කාමරයට හොයාගෙන යද්දී ඔහු හිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතිශය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක. ඔහු අයි පි එල් සදහා ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඔහු මාව ඇදලා ඇඳට ගත්තා. ඔහුත් මගේ උසම ශරීර ප්‍රමාණයෙන් හෙබි කෙනෙක්. ඔහුව මෙල්ල කර ගන්න උත්සහ කළා අපහසු වුණා. මම මගේ ඇස් දෙක හා කට වහ ගත්තා. ඔහු මගේ මුහුණ පාවිච්චි කළා. අවස්ථාව ආ සැනින් මා කාමරයෙන් නාන කාමරයට රිංගා ගෙන මුහුණ හොදට සෝදා ගත්තා.."

මෙලෙස ජනප්‍රිය චරිතවලට එල්ල කරන චෝදනා ඔවුන්ට මඩ ගැසීමේ සහ එම කාන්තාවන් ජනප්‍රියවීමේ අරමුණෙන් සිදු කරන බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.