මහින්දගේ නිවසේ තීරණාත්මක සාකච්ඡාවක් - එජාපය අරලියගහ මැදුරට රැස්වෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, October 9, 2018

මහින්දගේ නිවසේ තීරණාත්මක සාකච්ඡාවක් - එජාපය අරලියගහ මැදුරට රැස්වෙයි

යෝජිත සභාග ආණ්ඩුව පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) පස්වරුවේ රැස් වනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජයරාම මාවතේ පිහිටි නිවසේදී මෙම රැස්වීම පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි
පැවසුවේ. සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මන්තී‍්‍රවරුන්ගේ ඇති යෝජනා පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලෙනු ඇති.

පස්වරුවේ පැවැත්වෙන මෙම රැස්වීමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද පෙරවරුවේද තවත් සාකච්ඡාවක් සඳහා රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. පාර්ලිමේන්තුවේදී මෙම සතිය තුළ කෙසේ කටයුතු කළ යුතුදැයි ඔවුන් එහිදී සාකච්ඡා කරනු ඇති.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද දහවල් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

සජිත් පේ‍්‍රමදාස, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, මංගල සමරවීර සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරුන් ඊට සහභාගී වනු ඇතැයිද වාර්තා වනවා. පවතින දේශපාලන ව්‍යාකූලතා හමුවේ එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ යුත්තේ කෙසේ දැයි එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

දැනට විදෙස් සංචාරයක නිරත වී සිටින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යළි මවුබිමට පැමිණීමෙන් පසු හෙට (10) දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද රැස්වීමට නියමිතව තිබෙනවා. පවතින දේශපාලන ව්‍යාකූලතා හමුවේ එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ යුත්තේ කෙසේදැයි එහිදී නැවත සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරගේ පුතණුවන්ගේ විවාහ මංගල්‍යයේදී සිදුව ඇතැයි දේශපාලන ආරංචි පැවසුවා.

ඉන්පසුවයි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රි සංජය සිරිවර්ධන සහ එම පළාත් සභාවේම වත්මන් මන්ත්‍රිනී සන්ධ්‍යා සිරිවර්ධනගේ දියණිය වන නිලූෂා සිරිවර්ධනගේ විවාහ මංගල්‍ය උත්සව අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා යලිත් හමු වී ඇත්තේ.

ජනාධිපතිවරයා සීෂෙල්ස් සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මෙම හමුව සිදුවී ඇති බවයි වාර්තා වුණේ. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විදෙස් ගතවීමට පෙර කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරුන්ද හමුවී සාකච්ඡා කර ඇතැයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවා.