දම්පත් ප්‍රනාන්දුගේ සේවා දිගුවෙන් හමුදාව නොසන්සුන් ! - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, October 6, 2018

දම්පත් ප්‍රනාන්දුගේ සේවා දිගුවෙන් හමුදාව නොසන්සුන් !

ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනි තනතුර වන මාණ්ඩලික ප්‍රධානී තනතුර දරන මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුට ජනාධිපතිවරයා මාස තුනක කාලයකට සේවා දිගුවක් ලබා දීම හේතුවෙන් යුද හමුදාවේ ඉහළ නිලධාරීන් අතර යළි නොසන්සුන් තත්වයක් ඇති වී ඇතැයි වාර්තාවේ.

මෙම නොසන්සුන් තත්වය ඇති වී ඇත්තේ එම සේවා දිගුව නිසා යුද
හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට හා යුද හමුදා උපමාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටි මේජර් ජෙනරාල්වරුන්ට එම අවස්ථාව ප්‍රමාද වීම හෝ මගහැරී යාම නිසාය.

පසුගිය කාලය පුරාම ත්‍රිවිධ හමුදාව තුළ පවත්වාගෙන ගිය සම්ප්‍රදාය අනුව යුද හමුදාපති, නාවික හමුදාපති හෝ ගුවන් හමුදාපති තනතුරට පත්වන පුද්ගලයන්ට පමණක් එම ධූරය දැරීම සඳහා සේවා දිගු ලැබෙන අතර අනෙකුත් නිලධාරීන් වයස අවුරුදු පනස් හය සම්පූර්ණ වීමත් සමග හමුදාපති ධූරයක් නොලැබෙන්නේ නම් විශ්‍රාම යා යුතුය.

මෑත ඉතිහාසයේ යුද හමුදාපති ධූරය නොදැරූ අයෙකුට සේවා දිගුවක් ලබාදී ඇත්තේ 2009 වර්ෂයේදී වන අතර එවක යාපනය අඥාපති වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිට එම සේවා දිගුව ලැබී තිබුණි. එම සේවා දිගුවත් සමග ඉන්පසු ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කර ඇත.

වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරයා ඔහුට ලබාදුන් දෙවන සේවා දිගුව යටතේ කටයුතු කරන අතර ඔහුගේ සේවා දිගුව ලබන වසරේ අගෝස්තු 18 දක්වා බල පැවැත්වේ.

යුද හමුදාපතිවරයාට දෙවන වරටත් වසරක කායලයක් සඳහා ලබාදුන් සේවා දිගුව නිසා මේජර් ජෙනරාල්වරුන් රාශියකට එම කාලය තුළ දී විශ්‍රාම යෑමට සිදුවී ඇත.

(අනිද්දා)