ක්‍රිකට් තරග මුදලට පාවා දුන් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ගේ නම් ඇතුලත් කර විවිධ වෙබ් අඩවි හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කර සිටියි.
විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු පැමිණිලි හා තොරතුරු අනුව ජාත්‍යන්තර
ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිළිබදව මේ වන විට පරීක්ෂණයක් පවත්වන නමුත් මේ වනතෙක් නම් වශයෙන් කිසිදු ක්‍රීඩකයෙක් මුදලට තරග පාවාදුන් බවට නිළ වශයෙන් නිවේදනය කර නොමැතිබව ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කර සිටියි.
විවිධ පුද්ගලයන් විසින් මෙලෙස වගකීම් විරහිතව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ගේ නම් යොදාගෙන සිදුකරන මෙම ක්‍රියාව වැරදි බවත්, එමගින් වරදක් කර නොමැති ක්‍රීඩකයින්ගේ කීර්තිනාමය හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවන හානිය ඉතා විශාල බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
Saturday, October 6, 2018
සමාජ මාධ්‍ය වල පැතිරෙන ප්‍රචාර අසත්‍යයි - ක්‍රීඩා ඇමති
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide