ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(16) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.
පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස් වන බව ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභා සාමාජිකයින්ට මේ පිළිබඳව දැනුම් දී ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩි දුරටත් පැවසීය.
කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනා සහභාගි නොවීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට සිය කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
අදාළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සහභාගී නොවන බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් එවන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන තුරු නව ආණ්ඩුවක් බිහි කිරීම පිළිබඳ සාකච්ඡාවක් හෝ පැවැත්වීමට සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක තනිව ආණ්ඩුවක් බිහිකිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.
Tuesday, October 16, 2018
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි-15 කණ්ඩායම ප්‍රතික්ෂේප කරයි
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide