ඉන්දියාව මහින්දගේ බෙල්ලට මල්මාල දැම්මට ප‍්‍රශ්ණයක් නෑ.. ජාතියේ බෙල්ලට වද මල් මාලා දාන්න දෙන්න බෑ..- මහින්දගේ ඉන්දීය සංචාරය ගැන විමල් ප‍්‍රතිචාර දක්වයි..(video) - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, September 18, 2018

ඉන්දියාව මහින්දගේ බෙල්ලට මල්මාල දැම්මට ප‍්‍රශ්ණයක් නෑ.. ජාතියේ බෙල්ලට වද මල් මාලා දාන්න දෙන්න බෑ..- මහින්දගේ ඉන්දීය සංචාරය ගැන විමල් ප‍්‍රතිචාර දක්වයි..(video)

ඉන්දියාව විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ගෙලට මල්මාලා දැමීම ගැන ප්‍රශ්නයක් නැති නමුත් ජාතියේ ගෙදරට වදමල් මාලා දැමීමට එකඟ නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මේ බව කියා සිටියේ කොටුව අධිකරණය හමුවේ නඩු කටයුත්තක්
වෙනුවෙන් පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

‘මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනාවක් ලැබුනත් ඒ ආරාධනාව අනුව එතුමා ගියේ. එතුමාට බොහොම හොඳ පිළිගැනීමක් ලැබුන බව තමයි වාර්තා වෙන්නේ.

එතුමාගේ ගෙලට මල් මාලා දැම්මට අපේ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ජාතියේ ගෙලට වද මල් මාලය දානවා නම් අපි ඒකට එකඟ වෙන්නෙ නෑ’ යයිද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

ඉන්දීය සංචාරයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට ලත් ඉහල පිලිගැනීම ගැන මාධ්‍ය විසින් කල විමසීමේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.