දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 29, 2018

දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සදහා විමසිලීමත් වන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

දිවයින්‍ට බස්නාහිර සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් , එම මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70ත් 80ත් පමණ
ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

මෙම ක්‍රියාකාරි වලාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුලදී ද පවතිනු ඇතියි බලාපොරොත්තු වෙයි.