අද කාලගුණය මෙහෙමයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, September 17, 2018

අද කාලගුණය මෙහෙමයි

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින කාලගුණ තත්වයේ සුළු වෙනසක් සහ දිවයින හරහා සුළං වේගයේ සුළු වැඩිවීමක් අද(17) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

බස්නාහිර, මධ්‍යමසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර වයඹ පළාතේ
වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා, විශේෂයෙන් හම්බන්තොට, මොණරාගල, මාතලේ, මාතර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.