විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, September 21, 2018

විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමල් වීරවංශට හා ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම්කොට තිබෙනවා.

වීරවංශ මන්ත්‍රීවරයාට සති 2ක් හා රණවීර මන්ත්‍රීවරයාට සති 4ක් මෙම තහනම ක්‍රියාත්මක වනවා.

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය යාපනයේදී කළ ප්‍රකාශයට පසුව
පාර්ලිමේන්තුවේ පැවති විරෝධතාවය අවස්ථාවේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙන්කෝලය පැහැරගන්න තැත් කිරීමත්,
විමල් වීරවංශ අශෝබන ලෙස හැසිරීමත් මෙම තහනමට හේතු වී තිබෙනවා.

මෙම මන්ති‍්‍රවරුන්ට පාර්ලිමේන්තුව තහනම් කිරීමට අදාළ යෝජනාව අද ගෙනආවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලයි. එහිදී පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්ද 39ක්ද, විපක්ෂව ඡන්ද 21ද හිමිවුණා. පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප‍්‍රසන්න රණවීරට එරෙහි යෝජනාවේදී පක්ෂව ඡන්ද 41ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 21ක්.