රුපියලේ අවප්‍රමාණය නිසා වාහන මිල ඉහළට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 22, 2018

රුපියලේ අවප්‍රමාණය නිසා වාහන මිල ඉහළට

රුපියලේ අගය අවප්‍රමාණයවීමත් සමඟ වාහන මිල ගණන් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් දැක්වූ එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා පැවුසවේ වාහන මිල අවම වශයෙන්
ලක්ෂ 3කින් පමණ ඉහළයනු ඇති බවයි.

මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් ඊයේ (21) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබිණි.

මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.77 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 170.65 ක් ලෙසින් සටහන් විය.