ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් වෘත්තීය සමිති කරන දේ පවසයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 15, 2018

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් වෘත්තීය සමිති කරන දේ පවසයි

ති‍්‍රකුණාමලය චීන වරායේ තෙල් ටැංකි 15 ඉන්දිය සමාගමකට පැවරීම සදහා විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග ඉකුත්දා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසනවා. මීට පෙර තෙල් ටැංකි පිළිබදව ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ පිළිබදව තමන් සමග සාකච්ඡා කරන බවට අග‍්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවයි එම සංගමයේ ලේකම් ඩී ජේ රාජකරුණා පැවසුවේ. එය
නිවැරදි නොකරන්නේ නම් අඛණ්ඩ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ඉදිරියේදී ආරම්භ කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය සදහන් කළා.

ඛනිජ තෙල් පොදු සේවක සංගමය සිදුකරන මෙම චෝදනාව සම්බන්ධයෙන්  ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු කියාසිටියේ ති‍්‍රකුණාමලය තෙල් ටැංකි පිළිබද අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.