මෛත්‍රී-ගෝඨා ඝාතන සැළැස්මේ හඬපටය ගැන විශේෂ තීරණයක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 22, 2018

මෛත්‍රී-ගෝඨා ඝාතන සැළැස්මේ හඬපටය ගැන විශේෂ තීරණයක්

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේයැයි චෝදනා ලබා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ රහසිගත දුරකථන සංවාදය අයත් හඬපටය සිංගප්පුරුවේ ශ්‍රව්‍ය දෘශ්‍ය විශේෂඥයන් වෙත යවා සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ඉදිරි සතියේදී අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමටද නියමිතව ඇතැයි සඳහන්.

දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින ත්‍රස්ත විමර්ශන
කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ පොලිස් ඔත්තුකරුවකු බව කියන නාමල් කුමාර අතර සිදුවූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදය මෙරට දේශපාලන අංශ දැඩි කැළඹීමකට ලක්කර තිබෙනවා.

මෙයට අදාළ හඬපටය මූලික පරීක්ෂණ සඳහා දැනටමත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධව පසුගිය බදාදා රාත්‍රියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශාපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සාකච්ඡාවේදී අර්බුදයට තුඩුදී තිබෙන දුරකතන සංවාදය ඇතුළු දේශපාලන ප්‍රශ්න ගණනාවක් සම්බන්ධව අදහස් හුවමාරු කරගත් බව වාර්තා වනවා.